Friday, September 30, 2011

Unborn .... නො ඉපිද..


දන් දෙති පින් තකා ලොකු මහත්තුරු...
උන්ගේ නෝනලත් උන්ටම තකට තක...
තෝත් මාත් ලෝකෙට නම් පරකාසේ...

ගෙදරට ඉතින් මරගාතේ තමයි බොලේ....

දුම් වැටි මත් වතුර නෑ කට ගාවට ගන්නේ...
එපා කියනවලු කෙරුමත් "ඇබෝෂන්"
පවුල් සැලසුමට කාගෙත් මනාපේ....
සිල්වත් මහත්තුරු දාගන්නව "කොන්ඩොම්".......


අනේ සුසානෝ මට නම් බයයි කියා....
පත්තින් අම්මලත් බොනවලු වඳ පෙත්ත....
කවදාවත්ම නැත තුත්තිරි ඇලෙන්නේ...
විසි වන සියවසේ පුදුමෙකි මේ "රෙද්ද".....


ලෝකෙන් වහං වී හැම ජඩ වැඩම කර....
බොරුවට සදාචාරේ ගැන කෑ මොර ගසති...
මහ ලොකු දෙයක් නෑ "ළමයට" කියන්නට...
විකිණෙන රූප දාගන් තොපෙ රෙදි අස්සේ....







 (facebook වීරයන් වෙනුවෙන්)


Monday, September 26, 2011

බුක් පෙයාර්...



යන යන උන්ට නොමිලේ බීමක් දෙයිය...
බොනකොට මතක් විය මේ ලියනා කයිය...

පොත්ත රතට ඇස් ගෙඩි රවටා දෙයිය...
නිකම් ලැබේනම් පල් ඇපලුත් බොයිය..


වතුර වැටුනාම දිය වෙයි ඩිමයි කොලේ...
ඇලයින් වෙලා නැත, දඩු වැටකි සිහි කලේ...
විකිනෙන වෙලාවෙදි හොද ගානකට දෙමු මලේ..

සීයේ කෑලි තුන්සිය පනහටයි  මිල කොලේ....

අත්වල එල්ලිලා සරුංගල් පාවුනේ ...
ඇති නැති කමයි ජීවිත වලට හා උනේ.....
වල්ගය ඇති ගොනා හයිබ්‍රිඩ් වලට ගොඩ උනේ...
හැමදාමත් වගේ මේ ටික තමයි උනේ...

පොත් අතගගා ජන ගඟ මැද ඇදෙන කොට...
ගත්තත් නැතත් දැනෙනා සැප නොදැනේද ?
අත් දෙක වනාගෙන ආපහු ඇදෙන එක...
විලි ලැජ්ජාවෙ සන්තෝසේ තමයි පුතේ....

කොයියෝගේ අලුත් එක අරගත්තාද ?
විදර්සනාවේ අක්කා අහපු කොට....

අතේ තිබුන තුන් සීයත් ඉවර කර...
අක්කාවත් අරන් එන්නට නොසිතෙද්ද ?



Tuesday, July 12, 2011

ඇමති‍ට පැ‍‍ට්රල්

මගේ හුචක්කුව හුටු හුටු ගා දුවන....
වෙනදා වගේ නොව දැන් ලෙඩ දෙනවාය.......
ටැංකිය සුද්ද කෙරුවෙමි පැට්රල් දාන....
හෙජින් ගිවිසුමේ රොඩු බොඩු තිබුනාය...

"කවදාවත්ම නෑ මම එය පිලි ගන්නේ "...
ඇමති තුමා වාහිනියේ කිව්වාය.......
නියපොත්තෙන් කඩනා එක පොරවෙන්ම,
කපනා තුරා හැමදා මුන් ලත වෙන්නේ.......

අනේ පනේ අපි දැන් කොහොමද යන්නේ....
මගේ සුසානෝ සෝකෙන් අහන කොට,
ගසා, සරම උස්සා ඇමතිට පැට්රල්......
කරේ නගින්න‍ට මට හිත නොදේවිද ?

Wednesday, March 23, 2011

අප්‍රේල් 1 වැනිදා සිට නව පලාත් පාලන ආයතන වැඩ අරඹයි... (පුවතක්)


පලවෙනිදා ඉදන් වැඩ අරඹන සභාවක...
ලොකු පුටුවක ඉදගත්තම තියෙන සැප... 
සභාපතිත් කියුවා හොද කතාවක්.....
ඔහෙලා දුන්න හින්දා ඔක්කොම කඥ්ඥං... 

මහ ජන සේවෙටයි අපි ඔක්කොම මනාපේ
පැරදුන උන් හිතන දේ උඹලා දන්නනවද ?
ඔක්කොම එකතුවී දුන්නම බද්දට වත්ත....
ඇස්සක් වත් ඉතිරි වෙද ඉදහිට සුප්පන්න.... 





Tuesday, March 15, 2011

ලොව පැරනිම රෙදි කැබැල්ල හමුවේ.......(පුවතක්)

කවදාවත්ම කියනා දේ දී ඇත්ද ?
ආයිත් මුන්ට ආවම දෙමු මනාපේ.....
හැමදාමත්ම එක වාගේ මෝඩ කම.....
අද උන් අඳිනවද පෙර උන් ඇදි රෙද්ද ?

ලොකු ලොකු කුට්ටි තිබ්බෝතින් පූජාවේ,
මහ දේවාලේ වූවත් ලොකු තිරේ ඇරේ.....
කුට්ටි ගනන් ලැබෙනා විට කොමිස් මුදල්
කොයි දෙයියද  දිවැසින් නොබලා ඉන්නේ.....

පෝයට දෙසති බණ මතු බුදු වෙන්න,
මහ ලොකු උපාසකගෙත් හුණු කිල්ලෝටේ....
උන්නත් හොදට පොරවාගෙන සිල් රෙද්ද,
පත්තිනි උනත් ගලවයි තුත්තිරි රෙද්දේ........




Monday, March 14, 2011

අනේ සකෝ බල මේ ලෝ....

එකා එකා ඇවිදින් අත් එකතු කර
කවදාවත් නැතුව වදිනව හරි පුදුමේ
වැස්සට කලින් කලු කරගෙන තියෙන කොට
වැස්සට පස්සෙ හෝදාගෙන යයිද ?

වයි වාරන පාටෙන් මුන් බිත්ති වල..
දත් තිස්දෙකම පෙන්නාගෙන ඔඩ්ඩි වගේ
ඉස්සර අපේ එළුවා රස කර කෑවා...
පහුගිය දොහේ අපි එළුවව කෑවා......