Showing posts with label පොත් ප්‍රදර්ශනය. Show all posts
Showing posts with label පොත් ප්‍රදර්ශනය. Show all posts

Monday, September 26, 2011

බුක් පෙයාර්...



යන යන උන්ට නොමිලේ බීමක් දෙයිය...
බොනකොට මතක් විය මේ ලියනා කයිය...

පොත්ත රතට ඇස් ගෙඩි රවටා දෙයිය...
නිකම් ලැබේනම් පල් ඇපලුත් බොයිය..


වතුර වැටුනාම දිය වෙයි ඩිමයි කොලේ...
ඇලයින් වෙලා නැත, දඩු වැටකි සිහි කලේ...
විකිනෙන වෙලාවෙදි හොද ගානකට දෙමු මලේ..

සීයේ කෑලි තුන්සිය පනහටයි  මිල කොලේ....

අත්වල එල්ලිලා සරුංගල් පාවුනේ ...
ඇති නැති කමයි ජීවිත වලට හා උනේ.....
වල්ගය ඇති ගොනා හයිබ්‍රිඩ් වලට ගොඩ උනේ...
හැමදාමත් වගේ මේ ටික තමයි උනේ...

පොත් අතගගා ජන ගඟ මැද ඇදෙන කොට...
ගත්තත් නැතත් දැනෙනා සැප නොදැනේද ?
අත් දෙක වනාගෙන ආපහු ඇදෙන එක...
විලි ලැජ්ජාවෙ සන්තෝසේ තමයි පුතේ....

කොයියෝගේ අලුත් එක අරගත්තාද ?
විදර්සනාවේ අක්කා අහපු කොට....

අතේ තිබුන තුන් සීයත් ඉවර කර...
අක්කාවත් අරන් එන්නට නොසිතෙද්ද ?