Tuesday, July 12, 2011

ඇමති‍ට පැ‍‍ට්රල්

මගේ හුචක්කුව හුටු හුටු ගා දුවන....
වෙනදා වගේ නොව දැන් ලෙඩ දෙනවාය.......
ටැංකිය සුද්ද කෙරුවෙමි පැට්රල් දාන....
හෙජින් ගිවිසුමේ රොඩු බොඩු තිබුනාය...

"කවදාවත්ම නෑ මම එය පිලි ගන්නේ "...
ඇමති තුමා වාහිනියේ කිව්වාය.......
නියපොත්තෙන් කඩනා එක පොරවෙන්ම,
කපනා තුරා හැමදා මුන් ලත වෙන්නේ.......

අනේ පනේ අපි දැන් කොහොමද යන්නේ....
මගේ සුසානෝ සෝකෙන් අහන කොට,
ගසා, සරම උස්සා ඇමතිට පැට්රල්......
කරේ නගින්න‍ට මට හිත නොදේවිද ?

3 comments:

  1. එල කව් පොඩ්ඩ .......
    සහතික ඇත්ත කියලා තියෙන්නෙ, මොකද කියන්නෙ ඇමතිගේ සරම උස්සලා පෙට්‍රල් ගහලා යන්ද කරේ ........

    ReplyDelete
  2. ඉස්ටයිල් එකනම් නොහෙ
    ඉපදුන රංචාගොඩ නමට
    කවියක් ලියන්නට මට ආසා හිතුනා
    අනෙ වහෙ ගැලපෙනවද කියා පියො

    ReplyDelete
  3. ඉස්ටයිලක් තිබේ රංචාගොඩ ලියන...
    ඒකම වේය මා දන්නා කව් විරිත...
    අනේ පනේ මේ කයි ටික බැලුවාම...
    උඹටත් කයි ලියන්නට හැකි වෙනවාය...

    ReplyDelete