Friday, September 30, 2011

Unborn .... නො ඉපිද..


දන් දෙති පින් තකා ලොකු මහත්තුරු...
උන්ගේ නෝනලත් උන්ටම තකට තක...
තෝත් මාත් ලෝකෙට නම් පරකාසේ...

ගෙදරට ඉතින් මරගාතේ තමයි බොලේ....

දුම් වැටි මත් වතුර නෑ කට ගාවට ගන්නේ...
එපා කියනවලු කෙරුමත් "ඇබෝෂන්"
පවුල් සැලසුමට කාගෙත් මනාපේ....
සිල්වත් මහත්තුරු දාගන්නව "කොන්ඩොම්".......


අනේ සුසානෝ මට නම් බයයි කියා....
පත්තින් අම්මලත් බොනවලු වඳ පෙත්ත....
කවදාවත්ම නැත තුත්තිරි ඇලෙන්නේ...
විසි වන සියවසේ පුදුමෙකි මේ "රෙද්ද".....


ලෝකෙන් වහං වී හැම ජඩ වැඩම කර....
බොරුවට සදාචාරේ ගැන කෑ මොර ගසති...
මහ ලොකු දෙයක් නෑ "ළමයට" කියන්නට...
විකිණෙන රූප දාගන් තොපෙ රෙදි අස්සේ....







 (facebook වීරයන් වෙනුවෙන්)


Monday, September 26, 2011

බුක් පෙයාර්...



යන යන උන්ට නොමිලේ බීමක් දෙයිය...
බොනකොට මතක් විය මේ ලියනා කයිය...

පොත්ත රතට ඇස් ගෙඩි රවටා දෙයිය...
නිකම් ලැබේනම් පල් ඇපලුත් බොයිය..


වතුර වැටුනාම දිය වෙයි ඩිමයි කොලේ...
ඇලයින් වෙලා නැත, දඩු වැටකි සිහි කලේ...
විකිනෙන වෙලාවෙදි හොද ගානකට දෙමු මලේ..

සීයේ කෑලි තුන්සිය පනහටයි  මිල කොලේ....

අත්වල එල්ලිලා සරුංගල් පාවුනේ ...
ඇති නැති කමයි ජීවිත වලට හා උනේ.....
වල්ගය ඇති ගොනා හයිබ්‍රිඩ් වලට ගොඩ උනේ...
හැමදාමත් වගේ මේ ටික තමයි උනේ...

පොත් අතගගා ජන ගඟ මැද ඇදෙන කොට...
ගත්තත් නැතත් දැනෙනා සැප නොදැනේද ?
අත් දෙක වනාගෙන ආපහු ඇදෙන එක...
විලි ලැජ්ජාවෙ සන්තෝසේ තමයි පුතේ....

කොයියෝගේ අලුත් එක අරගත්තාද ?
විදර්සනාවේ අක්කා අහපු කොට....

අතේ තිබුන තුන් සීයත් ඉවර කර...
අක්කාවත් අරන් එන්නට නොසිතෙද්ද ?